ටයිෆූන් ටයිසන්
දිගු දුරක් දිවවිත් පන්දු යැවීම අද දකින්නට නොලැබීමට එක් ප්‍රබල හේතුවක් වූයේ කාලය කළමණාකරනය කිරීමේ ගැටළු මතු වීමෙන්. 1981/82 වසරේ පැවති ICC යේ හමුවීම් තුළ දී මෙයට පිළියමක් ලෙස උපරිම යාර 25ක දුරක් දිව යා හැකි බවට නීතියක් ගෙන ඒමට ඔවුන් සූදානම් වූවත් එයට එරෙහි වෙමින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබීමෙන් එය අකුලාගන්නට ICC ට සිදුවුනා..
නමුත් පසු කලක විවිධ පර්‍යේෂන හමුවේ තහවුරු වූයේ වැඩි දුරක් දිවයාමට වඩා උපරිම යාර 20-25ක් දුරකින් වඩාත් හොඳින්, වේගය අඩු වීමකින් තොරව පන්දු යැවිය හැකි බවට..
1954/55 එංගලන්තයේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී එංගලන්තයේ සුපිරි වේග පන්දු යවන්නා වූ 'ටයිෆූන්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ෆ්‍රෑන්ක් ටයිසන්, ප්‍රථම ටෙස්ට් තරගයේ දී දිගු දුරක් දිවවිත් පන්දු යැවුවත් ඔහු අසාර්ථක වුනා.. ඔහුට දවාගැනීමට හැකිවුනේ එක් කඩුල්ලක් පමණයි.
නමුත් ඉන් පසු පැවති තරග වලදී දිව යා යුතු දුර කෙටි කරමින් වඩාත් සාර්ථක වීමට ඔහුට හැකිවුනා..
විස්ඩන් සඟරාව පැවසුවේ, ඔහු පියවර 32ක් දිව ගිය බවත් එය අසාර්ථක වීමෙන් ඔහුට වැටහී ගියේ මූලිකම දේ පන්දුව නිවරැදි පාලනයක් සහිතව නියමිත ස්ථනයට පතිත කිරීමට දිව යා යුතු පියවර ප්‍රමාණය විශාල වශයෙන් අඩු කළ යුතු බවට.
බ්‍රිස්බේන් හි පැවති ප්‍රථම ටෙස්ට් තරගය අවසන් වූ විට ටයිසන් ඉනිම් 3ක් අවසානයේ දවාගෙන සිටියේ කඩුලු 6ක් පමණයි..
ටයිසන් ඉනිම් 29ක් පන්දු යවා ක්‍රිකට් දිවියට සමුදෙන විට කඩුලු 76ක් දවා සිටියේ 18.56ක විශිෂ්ට පන්දු යැවීමේ සාමාන්‍යයක් සහිතව..

Comments
Post a Comment