Best of the Best

80 දශකය මැද භාගය වන විට සක්‍රීය ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් අතරින් ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා කවුදැයි යන්න විවාදයක් ඇතිවිය. මෙයට පිළිතුරක් වශයෙන් ක්‍රීඩකයින් 5ක් මුල්කරගනිමින් තරගයක් සංවිධානය විය. ස්ටලින් පවුම් 22,500ක් වටිනා "සිල්ක් කට්" අභියෝගය සඳහා ඉන්දියාවේ කපිල් දේව්, එංගලන්තයේ ඉයන් බොතම්, නවසීලන්තයේ රිචර්ඩ් හැඩ්ලි, දකුණු අප්‍රිකාවේ ක්ලයිව් රයිස් සහ කොදෙව් ක්‍රීඩක මැල්කම් මාර්ෂල් තරග වැදිණ.

▪️පිතිකරණයේ දී අයෙකුට පන්දුවාර 16ක් හිමිවිය. පන්දුරකින්නන් 18ක්, විනිසුරුවරු 3ක්, කඩුලු රකින්නන් දෙදෙනෙක් තරගය අතරතුර ක්‍රියාත්මක විය යුතුයි. පන්දු යැවිය හැක්කේ ඉතිරි තුන් ඉරියව් ක්‍රීඩකයින් 4 දෙනා පමණයි. පන්දුයවන්නෙක් එකවර පන්දුවාර 4ක් යැවීම අනිවාර්‍ය විය. 

▪️ක්‍රීඩකයෙක්ට හිමිකරගත හැකි ලකුණු ප්‍රමාණය ගණනය කිරීමේ සූත්‍රය: 
(රැස්කරන ලකුණු x දවාගන්නා කඩුලු) ÷ ඉනිම් ගණන

ක්ලයිව් රයිස් ට මුල්ම අවස්ථාව හිමිවිය, සංයමයෙන් යුක්තව රයිස් පන්දුවාර 16 අවසන් වන විට නොදැවී 73ක් රැස්කළ අතර එයට හතරේ පහර 10ක් අන්තර්ගත විය. ඉනිම අතරතුර ග්ලොසෙස්ටර්ෂයර් ප්‍රාන්තයේ  ෆිල් බේන්බ්‍රිජ් උඩපන්දුවක් අත්හරින ලද්දේ මැල්කම් මාර්ෂල් පන්දු යවන විටයි. 


දෙවන අවස්ථාව මැල්කම් මාර්ෂල් ට හිමිවිය. පන්දුවාර 9ක් සාර්ථකව මුහුණදුන් මාර්ෂල් ලකුණු 50 පසු කළේ ය. නමුත්, කපිල් දේව් ගේ පන්දුවක් හමුවේ පෝල් ඩවුන්ටන් ට උඩපන්දුවක් ලබාදෙමින් මාර්ෂල් ගේ මුල්ම කඩුල්ල බිඳ වැටිණ. ඉන් අනතුරුව යැවු පන්දුවක දි නැවතත් කපිල් දේව් හමුවේ මාර්ෂල් දැවී ගියේ කෙලින්ම කඩුල්ලේ පන්දුව ගැටීමෙන්. ක්ලයිව් රයිස් පන්දුවාරය ක්‍රියාත්මක කරන විට මාර්ෂල් තෙවරක් ඔහු ඉදිරියේ කඩුල්ල රැකගැනීමට අපොහොසත් වීමෙන් පසු ක්ලයිව් රයිස් ගේ ලකුණු ප්‍රමාණය 290 දක්වා ඉහළ ගියේ ය. මාර්ෂල් ට ලබාදුන් අවස්ථා 7න් 6කදීම දැවී යාම නිසා ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 13 දක්වා පහළ ගියේය. 



ටෝන්ටන් හි ප්‍රේක්ෂකයින් පුනපුනා බලාසිටි ඉයන් බොතම් පැමිණියේ ඊළඟ පිතිකරුවා ලෙසට යි. හයේ පහර හයක් සහ හතරේ පහර 7ක් ඇතුළුව බොතම් ශතකයක් රැස්කරගැනීමට සමත් වන්නේ 11 වන පන්දුවාරයේ දී ය. පන්දුවාර 16 අවසන් වන විට බොතම් ලකුණු 163ක් රැස්කරගෙන සිටියේ දුවද්දී දැවී යාමක් සහ රයිස් ගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දෙමින් දෙවරක් දැවී යාමෙනි. ඒ අනුව බොතම් ගේ පිතිකරණ සාමාන්‍යය 54ක් පමණක් විය. 



නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි ද ශතකයක් රැස්කළ අතර ඉනිම අතරතුර දෙවරක් දැවී ගියේය. ඔහු ලකුණු 149ක් රැස් කළ අතර කපිල් දේව් ඉනිම් 4ක දී ලකුණු 117ක් රැස් කළේ ය. 
ඒ අනුව, අවසන් ශූරතා ලකුණු ප්‍රමාණය පහත පරිදි විය.

මැල්කම් මාර්ෂල්
ලකුණු 97 යි, ඉනිම් 7 යි, කඩුලු 0යි = 0 Points
රිචඩ් හැඩ්ලි 
ලකුණු 149 යි, ඉනිම් 3 යි, කඩුලු 0 යි = 0 Points
ඉයන් බොතම්
ලකුණු 163 යි, ඉනිම් 3 යි, කඩුලු 1 යි = 54.33 Points
කපිල් දේව්
ලකුණු 117 යි, ඉනිම් 4යි, කඩුලු 4 යි = 117 Points
ක්ලයිව් රයිස්
ලකුණු 73 යි, ඉනිම් 1 යි, කඩුලු 7 යි = 511 Points

ඒ අනුව තරගයේ ශූරයා වෙමින්, ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ක්ලයිව් රයිස් ජයග්‍රහණය කළේ ය. ක්ලයිව් රයිස් ගේ ක්‍රිකට් දිවියේ ඔහුට ක්‍රීඩා කිරීමට හැකිවුනේ එක්දින තරග 3ක් පමණයි. ඔහුද, දකුණු අප්‍රිකානු ක්‍රිකට් තහනමෙන් බැට කෑ අතිදක්ෂ ක්‍රීඩකයෙකි. 2015 වසරේ දී රයිස් මියගියේ ය.

Image courtesy:
1) the times - Clive Rice with the trophy
2) PA sports - Top 5 allrounders in early 70s (i was surprised not to see Imran here. don't know the reason though)
3) the cricketer - Ian Botham batting against Clive Rice

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments