බොඩිලයින් - 02

"ලෙග් ට්‍රැප්" තියරිය ලෙස හැඳින්වූ පා ඉන්න වටා ලෙග් ස්ලිප් පන්දු රකින්නන් දෙදෙනෙක් හෝ තිදෙනෙක්, බැක්වර්ඩ් ස්ක්වෙයාර් ලෙග් හෝ ස්ක්වෙයාර් ලෙග්, ඩීප් ස්ක්වෙයාර් ලෙග් හි පන්දු රකින්නන් ස්ථානගත කර පිතිකරුවා ගේ ශරීරය ඉලක්ක කරමින් කෙටි පන්දු යැවීම , 'බොඩිලයින්' ලෙස සමස්ථ ක්‍රියාදාමය හඳුන්වා දීමට එකල විචාරකයින් ක්‍රියා කළා.
බොඩිලයින් යන නම මුල්මවරට ප්‍රචලිත කරන්නේ හියු බගී නම් ක්‍රීඩා මාධ්‍යවේදීයා යි.

ඉහත බොඩිලයින් තරගාවලිය අතරතුර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ එවකට ඕස්ට්‍රේලියානු නායක බිල් වුඩ්ෆුල්, එංගලන්ත ක්‍රීඩකයින් (විශේෂයෙන් ජාඩින් සහ ඔහුගේ පේස් බැටරිය) හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළා.

බිල් වුඩ්ෆුල්

ABC නාලිකාවේ විකාශය කළ බොඩිලයින් වාර්තා වැඩසටහනේ දී හිටපු ටෙස්ට් නායක ඉයන් චැපල් පැවසුවේ, වික් රිචර්ඩ්සන් (චැපල් සහෝදරවරුන්ගේ සීයා) ඔහුට පැවසුවේ, ඕස්ට්‍රේලියානු කණ්ඩායම තුළත් එංගලන්ත ක්‍රීඩකයින්ට මෙවැනිම පන්දු යැවීමක් සිදු කළ යුතු බවට තීරණයකට එළැඹ සිටි බව.

නමුත් නායක බිල් වුඩ්ෆුල් ගේ මහත්මා ගුණැති තීරණ එවැනි දේකට ඉඩ ලබාදුන්නේ නැති බවට වික් රිචර්ඩ්සන් පැවසූ බවට ඉයන් චැපල් වැඩිදුරටත් පවසනවා.

ඕස්ට්‍රේලියාවේ ද හෙරාල්ඩ් පුවත්පත පහත ඡායාරූපය පළ කළේ, ක්විස්න්ලන්ත අධි වේග පන්දු යවන්නා වූ එඩී ගිල්බර්ට්, හියූ තර්ලෝව් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ හැරී ඇලෙක්සැන්ඩර්, බොඩිලයින් තරගාවලියට ගෙන එනු ඇති බවත් ඔවුන් ලෙග් ට්‍රැප් ආකාරයට පන්දු යැවිය හැකි බවටත් (ඕස්ට්‍රේලියානුවන් එවැනි දෙයක් තරගාවලියේ දී කළේ නෑ).

මේ පන්දු යවන්නන් අතරින් හැරි ඇලෙක්සැන්ඩර් තරගාවලියේ 5වන ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අතර එය ඔහුගේ මුල්ම සහ අවසන් තරගය බවට පත්වුනා..


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments