බොඩිලයින් - 01

ක්‍රිකට් ඉතිහාසයේ වැඩි බලපෑමක් ඇති කළ සිදුවීම් ලැයිස්තු ගත කළ විට, එයින් බොඩිලයින් තරගාවලියට හිමිවෙන්නේ ඉහළම ස්ථානය බවට පැවසීම අතිශෝක්තියක් වන්නේ නෑ. බොඩිලයින් ක්‍රමවේදය 1932/33 තරගාවලියට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් බලපෑ කාරණා කිහිපයක්ම තිබුණා..

ඕස්ට්‍රේලියානු කණ්ඩායම

1930 අළු බඳුන තරගාවලියේ දී එවකට නවක පිතිකරුවෙක් වූ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, එංගලන්ත පන්දු යවන්නන් හට දිගට හරහට පහර දෙමින් දෙමින් ලෝක වාර්තා රැසක් පිහිටවනු ලැබුවා..

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ රටවක් දෙකක් අතර තරගාවලියක වැඩිම ලකුණු ප්‍රමාණයක් (974) රැස් කළේ බ්‍රැඩ්මන්. ඒ මෙම අළු බඳුන තරගාවලියේ දී. ඒ වගේම මේ තරගාවලියේ දී ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ගේ ලකුණු රැස් කිරීමේ වේගය පන්දු 6කට ලකුණු 3.7 බැගින් වුනා..

එවකට එංගලන්ත අධි වේග පන්දු යවන්නා වූ හැරල්ඩ් ලාවුඩ් හට පමණක් මුහුණ දෙමින් බ්‍රැඩ්මන් ට පන්දු 6කට මුහුණ දී ලකුණු 5.6ක් රැස් කිරීමට හැකිවුණා. එය වර්තමාන ක්‍රිකට් ආකෘතින් හා සසඳන විට අතිශය වේගවත් පිතිහරඹයක්..

අඩි 5'-8"ක් පමණක් උස සාමාන්‍යය ඕස්ට්‍රේලියානු පිතිකරුවන් හා සසඳන විට මිටි පිතිකරුවෙකු වූ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කෙතරම් දක්ෂ පිතිකරුවෙක් ද යත් ප්‍රකට දඟ පන්දු යවන ක්‍රීඩක බිල් ඕ රයිලි ("ටයිගර්") , බ්‍රැඩ්මන් පිළිබඳව පැවසුවේ මෙවැන්නක්;
‘He had a brain that was built by God as a one-offer. It was custom built for the job of playing cricket.’
"ක්‍රිකට් ක්‍රීඩාව හරි විදිහට ක්‍රීඩා කරන්න දෙවියෝ, එයාගේ (බ්‍රැඩ්මන්) මොළේ විශේෂ ආකාරයෙන් හදලා තියෙනවා"

බ්‍රැඩ්මන් 

ඕස්ට්‍රේලියාව, එංගලන්තයට පැමිණ තරග දෙකක් ජයගෙන එක් තරගයක් පරාජය වී, මෙහි ශූරතාවය ලබාගත්තා. මෙම පරාජය එකල එංගලන්ත ක්‍රීඩකයින්ට වගේම ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ට ලොකු අවමානයක් ගෙනදුන් තරම් සිදුවීමක් වුනා..

මීට අමතරව, එවකට ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කළ පර්සි ෆෙන්ඩර්, මීට පෙර 1920/21 අළු බඳුන තරගාවලිය අතරතුර, විශේෂයෙන්ම මෙල්බර්න් ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් ගේ කෑගෑසිමෙන් දැඩි ලෙස බැට කෑ අයෙක් බවට පත්වුනා.. 

විවිධ ක්‍රිකට් පිළිබඳ පොත්පත් වල මෙය සඳහන් කරන්නේ "Barrackers" (හූ කියන්නන්) යනුවෙන්.  Barrackers යන slang එක සෑදීමටත් ක්‍රිකට් ක්‍රීඩාව බලපෑ ඇති බවට සඳහන් වනවා, එහි ආරම්භය 1880 දශකය දක්වා පැරණි වනවා..

ෆෙන්ඩර් එම ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු කඩුලු 5ක් ලකුණු 122 කට දවාගත් අතර, බැරකර්ස් ලා , ක්‍රීඩාංගණයේ පන්දු රකිමින් සිටි පර්සි ෆෙන්ඩර් හට,  "ගෙදර පලයන් ෆෙන්ඩර්" යනුවෙන් කෑගැසු බවට මූලාශ්‍ර වල සඳහන් කරනවා. (ෆෙන්ඩර් ගේ මුලකුරු සහිත නම P.G.H. Fender  ලෙස දැක්වෙනවා, ඉහත බැරකර්ස් ලා කෑගැහුවේ Please Go Home Fender ලෙස ඔහු හාස්‍යයට ලක් කරමින්)

මෙම සිදූවිම් දාමය නිසා ෆෙන්ඩර් ට කවදා හෝ ඕස්ට්‍රේලියානුවන්ට අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතු බවට සපථ කරගත්තා.

පර්සි ෆෙන්ඩර් (වමේ)

ඒ නිසාම පසු කලක, ෆෙන්ඩර් සහ ආතර් කාර් ගේ අනුදැනුම මත එවකට නව එංගලන්ත/MCC නායක ඩග්ලස් ජාඩින් හට බොඩිලයින් ක්‍රමවේදය පිළිබඳව මනා අධ්‍යනයක් ලැබුනා. 

පර්සි ෆෙන්ඩර් ට අමතරව ආතර් කාර් ගේ බලපෑමත් බොඩිලයින් ක්‍රමය ක්‍රියාත්මක වීමට එක් හේතුවක්. ආතර් කාර්, ඕස්ට්‍රේලියානුවන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දක්වන සැලකිල්ල ගැන පැහැදීමකට පත්ව සිටියේ නෑ.. ඔහු පැවසුවේ, ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍යය ජයග්‍රහණය කිරීම පමණක් බවත් එය පහසුවෙන් සහ කිසිදු මහන්සියකින් තොරව ලබාගත යුතු බවට ඔවුන් සිතන බවයි..

ආතර් කාර් 

ආතර් කාර්, මීට පෙර මෙම ක්‍රමවේදය තමන් භාවිතා කළ බවත්, එම නිසාම නොටින්හැම්ෂයර් ප්‍රාන්තය ට ශූරතාවයක් ජය ගැනීමට හැකි වූ බවත් පැවසුවා..
මේ නිසාම, කාර් තම ප්‍රාන්තයේ ක්‍රීඩා කරන හැරල්ඩ් ලාවුඩ් සහ බිල් වෝස් පන්දු යවන්නා දෙදෙනා ගැන විශේෂයෙන් වර්ණනා කරමින් ඔවුන් ට බොඩිලයින් ක්‍රමවේදය නියම වශයෙන් ක්‍රියාත්මක කර ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අසාර්ථක කළ හැකි බවට තහවුරු කළා..

බොඩිලයින් ක්‍රමයේ මූලිකම පරමාර්ථය බවට 'ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අසාර්ථක කරවීම' ලෙස පත්වුනේ ඒ අනුවයි..

මූලාශ්‍ර:
1) P.G.H. Fender : A Biography by Richard Streeton
2) A History of Australian Cricket by Chris Harte
3) Bodyline Autopsy by David Frith

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments