අරවින්ද ට අමතක වූ සමරු සටහන
8 හැවරිදි එක්තරා කුඩා ක්‍රිකට් රසිකයෙක් එංගලන්තයේ ටෝන්ටන් හි තරගයක් නැරඹීමට ගිය අතරතුර ෆයින් ලෙග් ප්‍රදේශයේ පන්දුරකිමින් සිටි අරවින්ද ද සිල්වා ගෙන් සමරු සටහනක් ලබා ගැනීමට ගියේ ය. ඔහුගෙන් එවැනි සටහනක් ලබාගැනීමට පෑනක් සහ පොතක් දිගුකරමින් සිටි ඔහු වගේම කුඩා සහ වැඩිහිටියන් පෝලිමක් තිබු බැවින් මෙම කුඩා ක්‍රිකට් රසිකයා නොඉවසිල්ලෙන් සිටියේ ඔහුගේ අවස්ථාව ලැබෙන තෙක් ය. ඔහුගේ අවස්ථාව ලැබෙන විට ඔහුගේ පෑන අතට ගත් අරවින්ද සමරු සටහනක් ලබාදීමට සූදානම් වත්ම තරගය දෙසට අවධානය යොමුකරන විට පන්දුයවන්නා ඊළඟ පන්දුව සඳහා දිවයන බව දකින ලදී. ඔහුගේ අතේ තිබු මෙම කුඩා රසිකයාගේ පෑන ම කලිසම් පොකැට්ටුවේ දමා වහාම පන්දුරකින ස්ථානයට ගිය විට පිතිකරුවා එක ලකුණක් රැස්කළේ ය. ඉන් අනතුරුව පිතිකරණයේ යෙදෙන්නට සිටි පිතිකරුවා වමත් ක්‍රීඩකයෙක් නිසා ම පන්දු රකින ස්ථානය වෙනස් කර අනෙක් පසට දිව ගිය අරවින්ද ට කලිසම් පොකැට්ටුවේ තිබු පෑන නැවත ලබා දීමට නොහැකි වූ අතර, සමරු සටහන ලබාදීමට ද අමතක විය. මෙම 8 හැවරිදි ක්‍රිකට් රසිකයා එම සිදුවීමෙන් පසු දිනය පුරාම හැඬු කඳුලෙන් සිටි බවට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජිමි ඇන්ඩර්සන්, එංගලන්ත කඩුලු රකින පිතිකරු ජොස් බට්ලර් ගේ කුඩා කාලයේ සිදුවූ විශේෂ සිදුවීමක් BBC යේ විශේෂ ක්‍රීඩා වැඩසටහනක දී හෙළි කළේ ය.
Source: BBC 5 Live Sport

@AAQEEEB
Source: BBC 5 Live Sport
@AAQEEEB
Comments
Post a Comment