ෂේන් වොන් සහ පාපන්දු රසිකයා
ප්‍රකට ඕස්ට්‍රේලියානු හිටපු පා දඟ යවන්නෙකු වූ ෂේන් වෝන් ක්‍රීඩා පිටියේ දී මෙන්ම එයින් එපිට දීත් පුවත් මවන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ක්‍රීඩකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව පාපන්දු රසිකයෙකු ද වන වෝන්, දින කිහිපයකට පෙර බීබීසී ආයතනයේ සම්මුඛ සාකච්ඡාවක දී අපුරු සිදුවීමක් හෙළි කළේ ය.
ෂේන් වෝන් බ්‍රිතාන්‍යයට පැමිණි මුල්ම අවස්ථාව එනම් 1989 වසරේ සිට ඔහු චෙල්සි පාපන්දු කණ්ඩායමේ ප්‍රබල රසිකයෙක් බවට පත් වූ බවත් එසේ වීමට හේතුව ඔහු දැක්වුයේ මේ අයුරින්;
බ්‍රිස්ටල් සිට ලන්ඩන් දක්වා යන දුම්රිය ගමන අතරතුර දී එක් කුටියක එක්තරා පුද්ගලයෙක් චෙල්සි පාපන්දු සමාජයේ සළුවක් සහ වෙනත් දෑ සමඟ මා අසලට පැමිණියේ "උඹ සහය දක්වන්නේ මොන කණ්ඩායමට ද ?" යනුවෙන් අසමින්. මම ඔහු දෙස හොඳින් බැලුවිට ඔහුගේ එක් අතක විශාල පිහියක් තිබු අතර මගේ පිළිතුර වුයේ "චෙල්සි කණ්ඩායම" ලෙස යි. චෙල්සි සමාජය හැර වෙනත් කණ්ඩායමකට සහය පළකිරීමට මා බියක් දැක්වූයේ මේ සිදුවීමෙන් පසුවයි.
උපුටා ගැනීම: බීබීසී ආයතනයට අදහස් දැක්වූ වෝන්

@AAQEEEB

![]() |
Courtesy: BBC Sports |
උපුටා ගැනීම: බීබීසී ආයතනයට අදහස් දැක්වූ වෝන්
@AAQEEEB
Comments
Post a Comment