ලකුණු පුවරුවෙන් බිඳක් - 3

1988/1989 ලක්ස්ප්‍රේ පළමුපෙළ තරඟාවලියේ අවසන් අදියරේ තරඟ අතුරින් ප්‍රථම තරඟය පැවැත්වුනේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජය (SSC) සහ BRC කණ්ඩායම අතරයි. ඒ BRC ක්‍රීඩාංගනයේ දී ය. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් BRC කණ්ඩායමේ නායක ප්‍රසන්න ජයසූරිය මුලින්ම පන්දුවට පහරදීමට SSC කණ්ඩායමට ආරාධනා කලේ ය. ඒ අනුව පිටියට පිවිසි SSC කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලකුණු 42 දී බිඳ වැටුණු අතර ඉන් පසුව ආරම්භක පිතිකරු අරුණ ගුණවර්ධන සහ මංගල පළමුපෙළ තරඟයට ක්‍රීඩා කිරීමට වරම් ලැබූ සුරේෂ් හාර්ඩින්ග් අතර ලකුණු 144 ක සම්බන්ධතාවයක් පවත්වාගත් අතර අරුණ ගේ දැවී යාමෙන් අනතුරුව පැමිණි නායක අසංක ගුරුසිංහ සුරේෂ් සමඟ එක්විය. කෙසේ වෙතත් ලකුණු 61ක් ලබාසිටි සුරේෂ් ට පිටියෙන් ඉවත්ව යාමට සිදුවුයේ ආබාධයක් හේතුවෙනි. ඉන්පසුව SSC ලකුණු පුවරුව 293/4 වන විට නැවත පිටියට පැමිණි සුරේෂ්, නායක අසංක ගුරුසිංහ සමඟ SSC ඉනිම ලකුණු 405 තෙක් ඉහල නැංවීය.

SSC captain Asanka Gurusinghe
Pic credits - sunday observer

 BRC කණ්ඩායමේ දුර්වල පිළිතුරු ඉනිම් දෙක හේතුවෙන් මෙම තරඟයේ ජයග්‍රහණය හිමිවුයේ SSC පිලටයි, ඒ ඉනිමකින් සහ ලකුණු 98 කින්. මෙම තරඟයේ විශේෂත්වය වුයේ සුරේෂ් හාර්ඩින්ග් නොදැවී රැස්කළ ලකුණු 100 යි. එය ඔහුගේ පළමුපෙළ දිවියේ එකම ශතකය බවට පත්වූ අතර. සුරේෂ් ගේ මංගල පළමුපෙළ තරඟය මෙන්ම අවසන් පළමුපෙළ තරඟය බවට පත්වුණේ ද මෙයයි. 


Sinhalese Sports Club first inningsRunsBallsMins4s6s
AAW Gunawardeneb Jayasuriya97     
D Nissankab Pieris14     
S Hardingnot out100     
*AP Gurusinhanot out103     
LRD Mendisc de Zoysa b Jayasuriya30     
N Ranatungalbw b Jayasuriya38     
WMCN Fernandodid not bat      
G Dassanayakedid not bat      
+T Karunaratnedid not bat      
N Buddhasiridid not bat      
S de Silvadid not bat      
Extras(6 b, 9 lb, 5 nb, 3 w)23
Total(4 wickets, declared, 80.1 overs)405
Fall of wickets:
1-42, 2-186, 3-228, 4-293

 bowlingOversMdnsRunsWktsWidesNo-Balls
de Silva14   1580--
Pieris13   1501--
Perera1   070--
de Mel16.11900--
Athukorale1   070--
Amerasinghe23   31150--
Jayasuriya12   1633--

Burgher Recreation Club first inningsRunsBallsMins4s6s
+DPS de Zoysac Gunawardene b Ranatunga20     
N Pererab Harding0     
A Athukoralec Karunaratne b Ranatunga0     
KAN de Silvarun out48     
SS Kulatungac Gurusinha b de Silva26     
*SPW Jayasuriyab Gurusinha5     
NSK Pathiragec de Silva b Gunawardene21     
SV de Melnot out26     
A Kariyawasamc Gunawardene b Ranatunga4     
R Pierisc Karunaratne b Ranatunga0     
NN Amerasinghec Karunaratne b Ranatunga0     
Extras(4 b, 2 lb, 11 nb, 10 w)27
Total(all out, 53 overs)177
Fall of wickets:
1-1, 2-2, 3-29, 4-112, 5-121, 6-136, 7-146, 8-155, 9-167, 10-177 (53 ov)
bowlingOversMdnsRunsWktsWidesNo-Balls
Ranatunga16   9215--
Harding4   0131--
Fernando7   1410--
Gunawardene4   171--
Gurusinha10   2491--
de Silva12   3401--

Burgher Recreation Club second innings (following on)RunsBallsMins4s6s
+DPS de Zoysac de Silva b Dassanayake35     
A Athukoraleb Dassanayake14     
SS Kulatungac de Silva b Gurusinha1     
KAN de Silvac Dassanayake b de Silva17     
SV de Melb de Silva11     
N Pererac Dassanayake b Gurusinha10     
*SPW Jayasuriyac Dassanayake b de Silva0     
NSK Pathiragec Buddhasiri b Gunawardene26     
A Kariyawasamc Harding b Gurusinha0     
R Pierislbw b Gurusinha6     
NN Amerasinghenot out0     
Extras(5 b, 5 lb)10
Total(all out, 46.2 overs)130
Fall of wickets:
1-54, 2-55, 3-55, 4-84, 5-85, 6-85, 7-111, 8-112, 9-122, 10-130 (46.2 ov)
bowlingOversMdnsRunsWktsWidesNo-Balls
Ranatunga8   1270--
Fernando9   1340--
Gunawardene3.2041--
Gurusinha11   2254--
de Silva8   2193--
Dassanayake7   2112--

#DON
15.06.2016

Comments

Post a Comment