පා ආවරණ කරළියට ඒමට බලපෑ කෙන්ට් හි සිංහයා ගේ ඉනිම
"කෙන්ට් හි සිංහයා" ලෙස විරුදාවලිය ලත් ඇල්ෆ්‍රඩ් මින්, 1836 වසරේ දී දකුණ සහ උතුර කණ්ඩායම් අතර එංගලන්තයේ ලෙස්ටර් හි දී පැවති තරගයේ දී නොදැවී ලකුණු 125ක් රැස්කර ගැනීමට සමත් විය. එම ඉනිමේ දී වළලුකර ආබාධයකට ලක්ව සිටි ඔහුගේ අවාසනාවට උතුරු කණ්ඩායමේ වේග පන්දු යවන්නා වූ සැමුවෙල් රෙඩ්ගේට් විසින් නොකඩවා යැවූ පන්දු බොහෝමයක් ඔහුගේ ආබාධිත ස්ථානයේ ස්පර්ෂ වෙමින් දැඩි අපහසුතාවයකට ලක්ව සිටියා. කෙතරම් වේදනාවක් දරාගෙන සිටියද ඇල්ෆ්‍රඩ් මින්, තම මංගල පළමු පෙළ ශතකය වාර්තා කරන්නනේ ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද දී ය. ඉනිම අවසානයේ ක්‍රීඩාගාරයට ගොස් ඇල්ෆ්‍රඩ් මින් , තම පා ප්‍රදේශය නිරාවරණය කරන විට අන් ක්‍රීඩකයින් විස්මයට පත්වූ බව ඩේවිඩ් ෆ්‍රිත් ගේ කෘතියක සඳහන් වේ. පැය 5කට අධික කාලයක්, පාදය ඉදිමෙන තුරු සැමුවෙල් රෙඩ්ගේට් ගේ පන්දු වලට මුහුණ දීමෙන් අසාධ්‍යය තත්ත්වයකට පත්වීමට පෙර වහාම ලන්ඩන් හි රෝහලකට පිටත් කිරීමට බලධාරින් කටයුතු කරන ලදහ. වෛද්‍යවරුන් , ඇල්ෆ්‍රඩ් මින් ගේ පාදය ඉවත් කර යුතුද යන්න සාකච්ඡා කළත් , වසර දෙකක ප්‍රතිකාර කිරීමකින් අනතුරුව ඔහු යතා තත්ත්වයට පත්විය. එතැන් පටන් , ඇල්ෆ්‍රඩ් මින් පිතික...