Monday, August 7, 2017

ඩග් ඉන්සොල් මිය යයි.

ඩග් ඉන්සෝල් (1926 - 2017) 

© - The Times
එසෙක්ස් ප්‍රාන්තයට මෙන්ම එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස දායකත්වය සැපයු ඩග්ලස් ඉන්සොල් හෙවත් ඩග් ඉන්සොල් 05.08.2017 වන දා මිය ගිය බවට වාර්තා පල විය. පළමුපෙළ තරඟ තුල ලකුණු 25,000 කට අධික ප්‍රමාණයක් රැස්කරගත් ඩග් ක්‍රීඩා කලේ ටෙස්ට් තරඟ 9ක් පමණයි. ටෙස්ට් තරඟ තුලින් සමුගත් ඔහු පසුකලක මතභේදාකාරි ක්‍රිකට් පරිපාලකවරයෙක් ලෙස කතාබහට ලක්විය. 

© - The Guardian
එංගලන්තයේ බැසිල් ඩි ඔලිවේරා 1968/69 වසරේ පැවති දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් කිරීමත් සමඟම එය ක්‍රිකට් විශ්ලේෂකයින්ගේ දෝෂදර්ශනයට හසුවිය. එකල දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය උග්‍ර අවස්ථාවක් වූ බැවින් ඩග් ඇතුළු තේරීම් කමිටුව එය සාධාරණයට ලක් කලේ බැසිල් ට වඩා දක්ෂ පිතිකරුවන් ඔවුන් තෝරාගත් පිලේ සිටින බවයි. නමුත් හාස්‍යය දනවන සිදුවීම වුයේ එම තරඟාවලියට පෙර පැවති ඕස්ට්‍රේලියානු තරඟ වාරයේ දී අවසන් ටෙස්ට් තරඟයේ බැසිල් ලකුණු 158ක් රැස්කිරීමයි. කෙසේ වෙතත් එම තීරණය වැරදි එකක් බව තේරුම් ගත ඩග් ඇතුළු තේරීම් කමිටුව ඔහුව නැවතත් දකුණු අප්‍රිකාවේ පැවති සංචාරය සඳහා සංචිතයට ඇතුලත් කරන ලදී. ඉන් පසු සිදුවුයේ දකුණු අප්‍රිකාව එංගලන්තය සමඟ ක්‍රීඩා කිරීමෙන් වැලකීම සහ 1990 දශකයේ මුල් භාගය තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තහනම් වීමයි.

© - Getty Images
එමෙන්ම 1967 වසරේ දී ඉන්දියාවට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කරන ලද ජෙෆ්රි බොයිකොට් (246) ඉන්පසු පැවති තරඟ සඳහා ක්‍රීඩා කිරීමෙන් වැලක්වීමට ඔහු තීරණය කල හේතුව වුයේ එම ඉනිම කණ්ඩායම වෙනුවෙන් නොව ඔහුගේ පුද්ගලික වාර්තා සඳහා බව වීම නිසයි. 1978 වසරේ දී ටෙස්ට් සහ ප්‍රාන්ත ක්‍රිකට් ආයතනය (TCCB) සභාපතිවරයා ලෙස කෙරී පැකර් විසින් සංවිධානය කල වර්ල්ඩ් සිරිස් තරඟාවලියට සහභාගී වූ සියලුම ක්‍රීඩකයින්ට එංගලන්තයේ කිසිදු පළමු පෙළ තරඟයක් සඳහා දායකත්වය සැපයීමෙන් වැලක්වීමට තරඟ තහනමක් ලබා දෙන ලද අතර පසුව එය ඉවත් කෙරිණ.

ට්විටර් පණිවුඩ :











@AAQEEEB
07.08.2017


Monday, July 17, 2017

Identical Triplets to play against U.A.E.

The Netherland's Identical triplets (Zulfiqar's) going to play their very first List A match together against U.A.E. today. As per records Identical triplets playing professional cricket is a rare occasion and most probably this could be the very first case. Sikander, Asad & Saqib Zulfiqar still 20 years old and have played Under 19 cricket and domestic T20s for the Netherlands. Among these triplets Sikander is the only Player to represent Dutch team in T20 Internationals. 


© - @BdJcricket

”I can’t say it enough, we will reward outstanding performances and young Asad gave us no choice but to select him. His form in both the Topklasse and for Netherlands A has been really consistent and his technique I believe will stand up at international level as a top order player, he has a big future for us and I’m sure his parents are over the moon to have three of their sons represent The Netherlands”. - Netherlands Head Coach Ryan Campbell  (Cricket World)

The Zulfiqar Triplets - © Cricket Netherlands


aq photo 635339848091716130317_zps7olcilbi.png
17.07.2017

Monday, June 26, 2017

First County Cricketer born in 2000s


Derbyshire Cricket Club Spinner Hamidullah Qadri made his first-class debut today at Cardiff against Glamorgan. 16 year old Afghan born Qadri became the youngest to play for Derbyshire and as per records he becomes first player born in 2000s to play County Championship Cricket.

© - Derbyshire County Cricket Club

aq photo 635339848091716130317_zps7olcilbi.png
26.06.2017

Wednesday, June 14, 2017

හිස්වැසුම්

ක්‍රිකට් හිස්වැසුම් ඉතිහාසයේ නොයෙකුත් අවස්ථා වල දී වෙනස් වී ඇත. පිතිකරුවෙකු සතු ආරක්‍ෂිත උපකරණ අතුරින් හිස්වැසුමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී බොහෝ වසර ගණනක් ගත වුවත් ප්‍රථම වරට ක්‍රිකට් ආරක්‍ෂිත හිස්වැසුමක අදහස පැමිණියේ සුප්‍රකට බොඩිලයින් තරඟාවලියට සමගාමිව යි. 


ප්‍රථම වරට ක්‍රිකට් ක්‍රීඩාවට "බෝල්ගාර්ඩ්" හෙවත් "බොක්ස්" හි වැදගත්කම ක්‍රීඩකයින්ට වැටහුයේ 1870 දශකයේ දී ය. එහෙත් ආරක්‍ෂිත හිස්වැසුම නිල වශයෙන් ක්‍රීඩකයින් පැළඳ ගන්නට පටන් ගත්තේ ඉන් වසර 100ක් ගතවූ කල්හි ය. ක්‍රිකට් හි පැරණි හාස්‍යය දනවන කියමනක් ඇත. ක්‍රීඩකයින් ට ඔවුන්ගේ හිස ද ඔවුන්ට වටින වන බව තේරුම් ගන්නට වසර 100ක් ගත වූ බව යි. 



























ග්‍රෙහැම් යැලොප් විසින් ප්‍රථම ආරක්‍ෂිත හිස්වැසුම හෙවත් හෙල්මටය පැළඳ ගත් පිතිකරුවා ලෙස සමහරුන් හැඳින්වුවත් 1933 වසරේ දී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 51කට දායකත්වය සැපයු, එමෙන්ම ජැක් හොබ්ස් ට පසුව වැඩිම පළමු පෙළ ශතක ගණනක් රැස්කළ පැට්සි හෙන්ඩ්රන් මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් රබර් හිස්වසුමක් පැළඳ පිතිකරණයේ යෙදීනි. ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කල "ෂර්ලොක් හෝම්ස්" නම් පරිකල්පිත චරිතය පැළඳි හිස්වැසුමට සමාන පැති තුනකින් හිස ආරක්ෂා කරන ඔහුටම අනන්‍ය වූ මේ හිස්වැසුම එම යුගයේ වඩාත් කතාබහට ලක්වූ එකක් විය. 



© - Cricinfo
ආරක්‍ෂිත හිස්වැසුම් පිලිබඳ අදහස යටපත් වී ගිය සමයක ඕස්ට්‍රේලියානු පිතිකරු ග්‍රෙහැම් යැලොප් විසින් මෝටර් බයිසිකල් හෙල්මටයකට සමාන හිස්වැසුමක් පැළඳ 1978 වසරේ දී කොදෙව් පන්දුයවන්නන් හට මුහුණ දෙන ලදී. කෙසේ වෙතත් ප්‍රේක්ෂකයින් මෙය දකින ලද්දේ ඔහුගේ බියසුළු බවක් ලෙසට යි. මෙයට ඔවුන් තරඟය අතරතුර දී ම ප්‍රතිචාරය දැක්වුවො ය.


70 දශකයේ දී ම එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටෝනි ග්‍රෙග් සහ රික් මැක්කොස්කර් විසින් ස්කුටර් හෙල්මටයක් භාවිතා කර පිතිකරණයේ යෙදීම තවත් සුවිශේෂී කඩඉමක් විය. මෙම හෙල්මටය නිසා ඔහුගේ කන ආශ්‍රිතව අනවශ්‍ය ආරක්ෂාවක් ලබාදෙන බැව් ඔහු වටහා ගැනීම නිසා ඉන් අනතුරුව ඔහු භාවිතා කලේ දකුණු පස ඇති කන් දෙපසට පුළුන් පිරවූ හෙල්මටයකි.


ධනවත් ඕස්ට්‍රේලියානු රූපවාහිනි බලවතෙකු වූ කෙරී පැකර් ගේ අදහසකට අනුව ක්‍රියාත්මක වූ වර්ල්ඩ් සිරිස් ක්‍රිකට් තරඟාවලියේ දී ටෝනි ග්‍රෙග්, ඩෙනිස් ලිලී ගේ පන්දුවට මුහුණ දුන් අයුරු ඉහත දර්ශන පෙලේ සටහන් වී ඇත. ආරක්‍ෂිත හිස්වසුමේ වැදගත්කම එමගින් වටහාගත හැකි ය.
© Getty Images
70 දශකයේ දී පැවති වර්ල්ඩ් සිරිස් ක්‍රිකට් තරඟාවලියේ දී ම එංගලන්තයේ ඩෙනිස් අමිස් ද මෝටර් බයිසිකල් හෙල්මටයක් පැළඳ පිතිකරණයේ යෙදුනි. ඔහු පවසන පරිදි එම තරඟාවලියේ අධි වේගී ඕස්ට්‍රේලියානු සහ කොදෙව් වේග පන්දුයවන්නන් ගෙන් සමන්විත බැවින් ඔවුන් විසින් යවන පැයට සැතපුම් 90ක වේගය සහිත පන්දු වලින් ආරක්ෂා වීමට ඔහු මෙම ක්‍රියාමාර්ගය ගත බවයි. එම ආරක්‍ෂිත හිස්වැසුම ඔහු බයිසිකල් හෙල්මට් නිෂ්පාදනය කරන පුද්ගලයෙකු වෙතින් විශේෂයෙන් සකස්කොටගත් එකකි. ඔහු පවසන පරිදි එම හෙල්මටය නිසා ශ්‍රවනය පිලිබඳ ගැටළු පැවති අතර එම නිසාම අනෙක් පිතිකරු ගේ හඬ නොඇසීම නිසා දුවද්දී දැවී යාම් රැසක් එම තරඟාවලියේ දී වාර්තා වූ බවයි.
© Getty Images
එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට නායකයෙකු වූ මයික් බ්‍රියර්ලි ද තරමක් වෙනස් අකාරයේ හිස්වැසුමක් පැළඳි ය. එය ශ්‍රවනයට ද බාධාවක් නොදැක්විය. එමෙන්ම පහසුවෙන් පන්දුව දැකිය හැකි අයුරින් නිර්මාණය කර තිබිණ.
© Lords Cricket
ගවස්කාර් ගේ "ස්කල් කැප්" නමැති හිස්වැසුම 80 දශකයේ දී ගවස්කාර් විසින්ම හඳුන්වාදුන් එකකි. මෙයින් ප්‍රධානුකුලව හිස් ආවරණය කිරීමක් පමණයි සිදුවුයේ. කෙසේවෙතත් මෙය ගවස්කාර් විසින් භාවිතා කලේ තරඟාවලි කිහිපයකට පමණයි.




මේ සියලුම හඳුන්වාදීම් වෙනුවට නවීන පන්නයේ ආරක්‍ෂිත හිස්වැසුම් 80 දශකයේ මුල් භාගයේ දී එලි දැක්විණ. ඝනකම් සහ වැඩි ආරක්ෂාවක්නො ලබා නොදෙන මුහුණත් ආවරණයකින් සමන්විත මෙය 80 දශකයේ පිතිකරුවන් අතර ජනප්‍රිය විය. මෙහි අවාසි පිලිබඳ සැලකු විට ප්‍රධාන වශයෙන් හිස්වැසුමේ බර තරමක් වැඩි විය. ශ්‍රී ලංකා පිලේ සිදත් වෙත්තමුණි 1984 වසරේ එංගලන්තයට එරෙහිව ලෝර්ඩ්ස් හි දී රැස්කරගත් ලකුණු 190 වාර්තාකරණ ලද්දේ මෙම හිස්වැසුම පැළඳ යි. ඔහු පැවසූ පරිදි මෙම ආරක්‍ෂිත හිස්වැසුමෙහි බර නිසාම ඔහුට අධික හිසරදයක් වැළඳී ඇත. 





1980 අග භාගයේ දී කරලියට පැමිණි මෙම හිස්වැසුම බොහෝ පිතිකරුවන් කැමැත්තක් දැක්වූ එකකි. ශ්‍රී ලංකාවේ සියලුම 80 දශකයේ පිතිකරුවන් මෙම ආරක්‍ෂිත හිස්වැසුම ඔවුන් ක්‍රිකට් තුලින් සමුගන්නා තෙක් පැළඳ සිටීම මෙයට හොඳම උදාහරණය යි. 



වර්තමාන පිතිකරුවන්ගේ ආරක්‍ෂිත හිස්වැසුම ට මුලාරම්භය මෙම හිස්වැසුමයි. ඉදිරිපස මුහුණත් ආවරණයකින් සමන්විත පන්දුව කිසිසේත්ම පිතිකරුගේ මුහුණේ වැදීම වැලැක්වීම මෙහි ප්‍රධාන අරමුනයි. එමෙන්ම මුල්කාලීන හිස්වැසුම් හා සාපේක්ෂව සැසඳූ විට මෙය සැහැල්ලු ය.


                                    


90 දශකය අවසන්වනවාත් සමඟම ක්‍රිකට් උපකරණ නිෂ්පාදකයින් නිර්මාණාත්මක, නවීන පන්නයේ සහ නව තාක්ෂණයකින් යුත් ක්‍රීඩා උපකරණ බෙදාහැරිම ආරම්භ කරන ලදී. එයින් වඩාත් සුවිශේෂී ස්ථානයක් මෙම හිස්වැසුම ට ලබාදිය හැක. AERO ක්‍රිකට් උපකරණ  ඒ අතරින් විශේෂ ස්ථානයක් ගනු ලබයි. නවසීලන්තයේ පීටර් මැක්ග්ල්ෂන් කඩුලු රකින්නෙක් ලෙස ඉහත ආකාරයේ හිස්වැසුමක් පළඳන ලදී. එමෙන්ම ඉන්දියාවේ දිනේෂ් කාර්තික් ද ඉහත වර්ගයේ හිස්වැසුමක් පැළඳ කඩුලු රැකීම වර්තමානයේ ද සිදුකරයි.









© Dailymail






2008 වසරේ දී එංගලන්තය සහ නවසීලන්තය අතර ඕල්ඩ් ට්‍රැෆෝර්ඩ් හිදී පැවති ටෙස්ට් තරඟය අතරතුර දී එංගලන්ත වේග පන්දුයවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් ගේ කෙටි පන්දුව ආරක්‍ෂිත හිස්වැසුමේ දැල් කවුළුව අතරින් නවසිලන්ත පිතිකරු ඩැනියල් ෆ්ලින් ගේ මුහුණේ වැදී දතක් අහිමි විය. ඒ අනුව ආරක්‍ෂිත හිස්වැසුම් නිර්මාපකයින් මේ දුර්වලතාව මඟ හරින්නට නව හිස්වැසුමක් හඳුන්වා දෙන ලදී. Ayrtek ක්‍රිකට් ආයතනය ප්‍රථම වරට මෙම නව හිස්වැසුම එළි දැක්විය. මෙය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, එංගලන්තයේ ජේම්ස් ටේලර් වැන්නන් පැළඳ ක්‍රීඩා කළෝ ය.


© Twitter
2014 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ෆිලිප් හියුස් ගේ මරණය සිදුවුයේ හිස්වැසුමෙන් ආවරණය නොවන බෙල්ලෙහි පිටුපස ප්‍රදේශයේ පන්දුව වැදීම හේතුවෙනි. මෙම දුර්වලතාවය මඟ හරවා ගැනීමට බ්‍රිතාන්‍ය නිෂ්පාදක ආයතනයක් වන මසුරි ක්‍රිකට් ආයතනය නව ආරක්‍ෂිත හිස්වැසුමක් 2015 වසරේ දී එළි දක්වන ලදී. හිස්වැසුමේ පසු ප්‍රදේශය ද ආවරණය වන මෙන් වැඩි ආරක්ෂාවක් ද ලබා දෙයි. 



13.06.2017

Thanks to SM friends

Thursday, June 8, 2017

තිරයෙන් පිටු පස - 1


© - www.askideas.com
ක්‍රිකට් ක්‍රීඩා කිරීමට විශේෂ ස්ථානයක් අවශ්‍ය නොවේ. එවැන්නක් එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ලලින්ග්ස්ටන් කාස්ට්ල් හි හිමෙන් මිදුණු ජලාශයක 1963 වසරේ දී පැවැත්විය. තරඟයේ අවසාන අදියරේ දී ස්ක්වෙයාර් ලෙග් පන්දුරකින්නා සිටි මිදුණු ස්ථානය බිඳී ඔහු දියේ ගිලි ගිය බව වාර්තා වේ. 
© - Sports World Cards
1955 වසරේ දී වොර්සෙස්ටර්ශයර් ප්‍රාන්තයට එරෙහිව රොබින් මාර්ලර් එක් පන්දුවාරයක දී වෙනස් පන්දු තුනක් භාවිතා කල බවට වාර්තා වී ඇත. R.G. බ්‍රෝඩ්බෙන්ට් විසින් එල්ල කල දැවැන්ත හයේ පහර දෙකක් නිසා පන්දු දෙකක්ම නැති වූවාක් ලෙස සලකන්නට විනිසුරුවරුන්ට සිදුවිය.
© - Sports World Cards
හෝව් හි දී සසෙක්ස් ප්‍රාන්තය කොදෙව්වන්ට එරෙහිව පිතිකරණයේ යෙදෙද් දී කොදෙව් දඟ පන්දු යවන්නා වූ ඇල්ෆ් වැලන්ටයින් ගේ පන්දුවට සසෙක්ස් පිතිකරු ඉයන් තොම්සන් විසින් ස්ක්වෙයාර් ලෙග් දෙසට එල්ල කර අතර ඒ මොහොතේම පිටියට ආක්‍රමණය කල බල්ලෙකු එම පන්දුව ඩැහැ ගෙන හතරේ සීමාව පසුකරමින් දිව ගියේ ය. ඒ අනුව විනිසුරුවරුන්ට එය හතරේ පහරක් ලෙස පිතිකරුට එහි වාසිය ලබාදෙන්නට සිදුවිය.
© - theage.com.au
1956 දී  මැන්චෙස්ටර් හි දී පැවති ටෙස්ට් තරඟයේ දී එංගලන්තයේ ජිම් ලේකර් විසින් ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 19ක් දවාගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. මෙම ලෝක වාර්තාවෙන් පසු සුප්‍රකට මුද්‍රණ සමාගමක් වන ඩි ලා රූ සමාගම ඔහුට එම ටෙස්ට් තරඟයේ දී දවාගත් සෑම කඩුල්ලක් සඳහාම ස්ටර්ලින් පවුම් 10 බැගින් ප්‍රධානය කරන ලදී.
Chandu Sarwate - © - Cricinfo
පිතිකරුවෙකු ටෙස්ට් තරඟයක දී ඉනිම් දෙකේදීම කිසිදු ලකුණක් රැස්නොකර 0 ට දැවී යාම "Pair" ලෙස හඳුන්වයි. අඩුම කාලයක් තුල මේ අයුරින් දැවී යාමේ නිල නොලත් වාර්තාව හිමිවන්නේ ග්ලැමෝර්ගන් ප්‍රාන්තයේ පීටර් ජජ් හට යි. කාර්ඩිෆ් හි දී ඉන්දියාවට එරෙහිව පැවති තරඟයක පළමු ඉනිමේ අවසන් පිතිකරු ලෙස ජජ් කිසිදු ලකුණක් නොලබා දැවී යන්නට සිදුවිය. ග්ලැමෝර්ගන් ප්‍රාන්තය නියමිත ලකුණු ප්‍රමාණය ලබා නොමැති වූ හෙයින් ඔවුන්ට නැවතත් පන්දුවට පහර දෙන ලෙස ඉන්දියාව ආරාධනා කරන ලදී. ඒ අනුව කාලය අපතේ යාම වැලැක්වීම සඳහා පීටර් ජජ් සහ J.C. ක්ලේ දෙදෙනා ට නැවතත් පන්දුවට පහර දෙන්නට සිදුවිය. දෙවන ඉනිම ආරම්භ වී ස්වල්ප වේලාවකට පසු ජජ් නැවතත් 0 ට දැවී ගියේ ය. අවස්ථා දෙකේදී ම ඔහුව දවාගත්තේ චන්දු සර්වාටේ ය.
Barry Jarman - © Cricinfo
ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයෙකු වූ බැරි ජාර්මන් ඕස්ට්‍රේලියානු පිලේ එංගලන්ත සංචාරය අතරතුර ග්ලැමෝර්ගන් ප්‍රාන්තයට එරෙහිව 1964 වසරේ අගෝස්තු මස 4 වන දින අපුරු දැවියාමකට හසු විය. ප්‍රධාන විනිසුරු ඔහු උඩපන්දුවක ට දැවී ගිය බව පැවසු අතර අනෙක් විනිසුරු ඔහු ස්ටම්ප් කිරීමකට ලක් වූ ලෙස තීරණ ලබා දෙන ලදී. 
© Cricinfo
2005/6 ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංචාරය සතුටුදායක අයුරින් අවසන් වුයේ නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරඟාවලියේ ජයග්‍රහණය කිරීමට හැකිවුයේ එක තරඟයක් පමණයි. එම තරඟාවලියේ අනෙක් තරඟ 6 ම පරාජයකින් කෙළවර විය. 7 වන එක්දින තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ අවසන් පන්දුවාරය යැවීම සඳහා ඉන්දියානු නායක රාහුල් ඩ්‍රාවිඩ්, මුරලි කාර්තික් කැඳවුයේ ය. චමින්ද වාස් පිතිකරණයේ යෙදෙද්දී ඔහු විසින් යැවූ 5 වන පන්දුව ට ශ්‍රී ලංකා පිලට ලකුණු 5ක් හිමි විය. කාර්තික් පන්දු යවන විටම වාස් විශාල පහරකට යන බව ඔහුට හැඟීම නිසා පන්දුව කඩුල්ලෙන් මඳක් ඈතින් යන ලෙස පන්දුව යැවුවත්, එය වැරදි යාම හේතුවෙන් ෂෝර්ට් ෆයින් ලෙග් පන්දු රකින්නා සහ කඩුලු රකින්නා අතරින් හතරේ සීමාව පසු කලේ ය. 

aq photo 635339848091716130317_zps7olcilbi.png
08.06.2017

Tuesday, May 30, 2017

කුමාර් ගේ ලෝක වාර්තා සිහිනය බිඳී යයි.


© - Stuart Meaker (Surrey CC)
පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට වැඩිම ශතක ප්‍රමාණයක් රැස්කිරීමේ ලෝක වාර්තාව සංගා ට අහිමි වුයේ ලකුණු 16 කිනි. එසේකෙස් ප්‍රාන්තයට එරෙහිව සංගා පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයකුත් දෙවැනි ඉනිමේ දී වාර්තාගත ශතකයක් හඹා ගිය ද එය අවසන් මොහොතේ දී කෙළවර වුයේ දැවී යාමකිනි. සංගක්කාර මෙම එසෙක්ස් තරඟය ට පසුව වාර්තා රැසක් පිහිටුවීමට සමත් විය. 

මෙතෙක් ඉතිහාසයේ පළමු පෙළ ශතක 5ක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් පිට පිට රැස්කිරීමේ ගෞරවය හිමිවන්නේ පහත පිතිකරුවන් හටය.


ශ්‍රී ලාංකික පිතිකරුවන් අතරින් සංගක්කාර ඉදිරියෙන් සිටින්නේ පහත අයුරිනි.


සංගක්කාර එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව රැස්කරන ලද ද්විත්ව ශතකය ඔහුගේ 13 වන පළමු පෙළ ද්විත්ව ශතකය යි. ඒ අනුව සංගා ආසියාතික පිතිකරුවන් අතරින් පෙරමුණ ගන්නට සමත් විය. ඒ පකිස්තානයේ ජාවෙඩ් මියන්ඩාඩ් සහ යුනිස් ඛාන් අහිභවා යමිනි.


සංගක්කාර විසින් රැස්කළ සියළුම ද්විත්ව ශතකයන් පහත පරිදි ය.


එංගලන්තයේ ද්විත්ව ශතක රැස්කළ පිතිකරුවන් අතුරින් සංගක්කාර 7 වන ශ්‍රී ලාංකිකයා බවට පත් විය. (ශ්‍රී ලංකා සම්භවයක් සහිත ගිහාන් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් මෙයට අදාළ නොවේ.)



ප්‍රථම වරට එංගලන්තයේ දී ද්විත්ව ශතකයක් රැස්කිරීමේ ගෞරවය හිමි ශ්‍රී ලාංකිකයා කර්නල් ෆ්‍රෙඩ්රික් ද සේරම් ය. ඒ 1934 වර්ෂයේ ය. එංගලන්තයේ දී වැඩිම වාරයක් ද්විත්ව ශතක රැස්කර ඇති ශ්‍රී ලාංකිකයා හිටපු ශ්‍රී ලංකා පිතිකරු අරවින්ද ද සිල්වා ය. ඔහු දෙවරක් කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරමින් ද එරට දී පුහුණු තරඟයක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද රැස්කිරීමට සමත් විය. රසල් ආර්නල්ඩ් විසින් රැස්කළ ද්විත්ව ශතකය සුවිශේෂී වන්නේ එය ඔහු එංගලන්තයේ දී ක්‍රීඩා කල ප්‍රථම පළමු පෙළ තරඟය වීම යි. අවසන් වරට එංගලන්තයේ දී ද්විත්ව ශතකයක් රැස්කලේ සනත් ජයසුරිය යි. එය වාර්තා වුයේ 1998 එංගලන්ත සංචාරයේ පැවති එකම ටෙස්ට් තරඟයේ දී ය. ඉන් වසර 19 කට පසුව එනම් පසුගිය එසෙක්ස් සහ සරේ අතර තරඟයේ දී සංගක්කාර ගේ ද්විත්ව ශතකය වාර්තා විය. එම ද්විත්ව ශතකය කණ්ඩායම් අනුව බෙදී යන්නේ පහත අයුරිනි.


ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කරමින් ශතක 11ක් ද කොළඹ NCC පිල නියෝජනය කරමින් එක් ශතකයක් සහ එංගලන්තයේ සරේ ප්‍රාන්තය නියෝජනය කරමින් එක් ශතකයක් යනාදී වශයෙන් සංගා ගේ ශතක ප්‍රමාණය බෙදී යයි. සංගක්කාර මෙන්ම ද්විත්ව ශතක 13ක් රැස්කර ඇති අනෙක් පිතිකරුවන් පහත වේ (සැලකිය යුතුයි: වැඩිම පළමු පෙළ ද්විත්ව ශතක ගණනක් හිමි පිතිකරුවා ඩොනල්ඩ් බ්‍රැඩ්මන් වේ. ඔහුට ද්විත්ව ශතක 37ක් ඇත.)


සංගක්කාර මේ වන විට ශතක 99ක් ඔහුගේ වෘර්තිය ක්‍රිකට් දිවියේ රැස්කර ඇත. වාර්තාගත 100 වන ශතකය ඔහු බොහෝවිට මින් පසු පැවැත්වෙන තරඟ අතරතුර දී නියත වශයෙන්ම රැස්කළ හැකි බවට ඔහුගේ වර්තමාන දක්ෂතා අනුව පැහැදිලි වේ. 


30.05.2017

Monday, May 22, 2017

ලෝර්ඩ්ස් හිදී සංගා ගෙන් වාර්තා රැසක්

ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය සැලකෙන්නේ ක්‍රිකට් හි මහගෙදර ලෙසයි. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අභිප්‍රාය එක තරඟයක් හෝ එම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කිරීමට යි. වසර 14 කට පසුව 2014 වසරේ දී කුමාර් සංගක්කාර එම ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් ශතකයක් වාර්තා කර ලෝර්ඩ්ස් හි ගෞරවාන්විත නාමපුවරුවේ ස්ථානයක් වෙන්කරගන්නට සමත් විය. අන්තර්ජාතික තරඟ තුලින් සමුගත් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රීඩකයින් දෙපලට ගෞරවයක් ලෙස ලෝර්ඩ්ස් බලධාරීන් ඔවුන්ගේ රුව ඇඳි සිතුවම් දෙකක් ලෝර්ඩ්ස් ක්‍රීඩාගාරයේ එල්ලා තබන ලදී. 


© Andrew Miller - Via Twitter
මෙම ගෞරවාන්විත අවස්ථාවෙන් දින කිහිපයකට පසු සංගා, ලෝර්ඩ්ස් හිදී ම ඔහු ප්‍රාන්ත ශුරතා තරඟාවලියේ පිට පිට රැස්කරන තුන්වන ශතකය වාර්තා කිරීමට සමත් විය. මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව වාර්තා වූ මේ ශතකයෙන් නොනැවතුණු ඔහු තුන්වන දිනයේ තවත් අනර්ඝ ශතකයක් රැස්කරන්නේ සරේ කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවේ දී ය. එය ඔහු පිට පිට රැස්කළ 4 වන ශතකය යි. මෙයත් සමඟ සංගා වාර්තා රැසක් බිඳ දැමීමට මෙන්ම සම කරන්නට සමත් විය.

පිට පිට වැඩිම පළමු පෙළ ශතක රැස්කළ ශ්‍රී ලාංකික පිතිකරුවන් 




















කුමාර් සංගක්කාර විසින් වසර 20ක් පැරණි වාර්තාවක් සමකරන්නට හැකි වුනේ ඉහත පරිදි ය. රොමේෂ් කළුවිතාරණ විසින් පිට පිට ශතක 4 වාර්තාව මෙන්ම පිට පිට අර්ධ ශතක 10ක් රැස්කර ලෝක වාර්තාව පිහිටුවූයේ 1996/97 පළමු පෙළ කාල සමයේ දී ය. 

සංගා නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවන්නට සමත් වුයේ මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව පළමු ඉනිමේ දී ශතකයක් රැස්කිරිමෙන් අනතුරුව යි. පිට පිට ශතක 3ක් හෝ වැඩි ප්‍රමාණයක් අවස්ථා 3ක දී රැස්කිරීමේ වාර්තාව යි. එය ද ඉහත ලැයිස්තුවෙන් දැකගත හැකිය. හිටපු ටෙස්ට් පිතිකරු අරවින්ද ද සිල්වා අවස්ථා දෙකක දී මේ දස්කම දක්වා ඇත.

කුමාර් සංගක්කාර පළමු දිනයේ දී ශතකය රැස්කිරීමට පෙර ප්‍රාන්ත ශුරතා තරඟාවලි තුල ලකුණු 3,000 පසුකරන්නට සමත් විය. එමෙන්ම එංගලන්තයේ දී පළමු පෙළ ලකුණු 4,500 ද පසු කරන්නට හැකි විය. 

සංගා වෘර්තිය ක්‍රිකට් දිවියේ ලකුණු 45,000 සීමාව ද පසු කලේ ය. එමෙන්ම පෙර අවස්තාවක දී පැවසු පරිදි (Run Machine) සංගා ආසියාතිකයින් අතරින් තවමත් සිටින්නේ 3 වන ස්ථානයේ ය. ඔහුට දෙවැන්නා වීමට නම් පකිස්තානයේ සහීර් අබ්බාස් පසුකල යුතු මය. 

තුන්වන දිනයේ වාර්තා කල ශතකයත් සමඟ සංගක්කාර පළමු පෙළ තරඟයක දී ශතක දෙකක් රැස්කළ  3 වන අවස්ථාව වාර්තා කරන්නට සමත් විය. මින් පෙර මෙවැන්නක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතුරින් වාර්තා වුයේ අරවින්ද ද සිල්වා ගේ පිත්තෙන් පමණි. එමෙන්ම ප්‍රාන්ත තරඟාවලි ඉතිහාසයේ මෙවැන්නක් කල දෙවන ශ්‍රී ලාංකිකයා ද සංගක්කාර යි. මෙයද මිට පෙර අවස්තාවක දී වාර්තා කලේ අරවින්ද යි (සැ.යු. - ගිහාන් මෙන්ඩිස්, අරුන් හරිනාත් වැන්නන් මෙයට ඇතුලත් නොවේ).

          

කෙසේ වෙතත් තුන්වන දිනයේ වඩාත් කැපී පෙනෙන වාර්තාව සංගා ගෙන් වාර්තා වුයේ ඉහත ශතකය රැස්කිරිමෙන් පසුවයි. පළමු පෙළ ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් ලකුණු 20,000 පසු කල ප්‍රථමයා වීමට සංගා ට හැකිවිය. (නැවතත්, මෙහිදී ගිහාන් මෙන්ඩිස් සලකා නොමැත.)

සංගක්කාර මේ වන විට පළමු පෙළ ශතක 60ක් වාර්තා කර ඇත. එමෙන්ම පසුගිය සතියේ සීමිත ඕවර තරඟාවලියේ දී රැස්කරන ලද ශතකය නිසා සීමිත ඕවර ශතක ගණන 38ක් ලෙස ඉහල ගොස් ඇත. ඒ අනුව වෘර්තිය ක්‍රිකට් දිවියේ ශතක 100ක් රැස්කිරීමේ දුර්ලභ වාර්තාව සඳහා ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ශතක දෙකක් පමණයි. මෙවැන්නක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කර නැත. 

මේ වන විට ප්‍රාන්ත ශුරතා තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ද කුමාර් සංගක්කාර යි. මිඩ්ල්සෙක්ස් සහ සරේ අතර තරඟය මෙම ලිපිය ලියන විටත් අවසන් වී නොමැත.


22.05.2017

Wednesday, May 17, 2017

පාසල් ක්‍රිකට් මිතුරන් දෙදෙනෙක් රටවල් දෙකක නායකයත්වයට පත් වීම.

© - Narendra Ekanayake
එක්තරා ටෙස්ට් ක්‍රීඩා කරන රටක පාසල් ක්‍රිකට් හි නම්දරා සිටින පාසලක එකම කණ්ඩායම පවා නියෝජනය කල ක්‍රීඩකයින් දෙදෙනෙක් පසු කලක රටවල් දෙකක් නියෝජනය කරමින් එම කණ්ඩායම් හි නායකත්වය පවා හොබවමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම එක්තරා අයුරකින් විශේෂ අවස්ථාවක් ලෙස සැලකීම වරදක් නොවේ. මේ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් අයෙකු ඔහු නියෝජනය කල රටේ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස ද අනෙක් පිතිකරු ඔහුගේ කණ්ඩායමේ දක්ෂ වමත් පිට දඟ පන්දුයවන්නෙකු ලෙස ද නම්දරා සිටිති. 

කුමාර් සංගක්කාර සහ නරේන්ද්‍ර ඒකනායක යන මේ ක්‍රීඩකයින් දෙදෙනාම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නිෂ්පාදනයන් ය. එමෙන්ම හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කෞශල්‍යය වීරරත්න සහ හිටපු පාසල් ක්‍රිකට් ක්‍රීඩක සහ නළු සුරාජ් මාපා ද මොවුන්ගේ සමකාලින ක්‍රීඩකයන් ය. 

Seated: Kumar Sangakkara (3rd from right), Narendra Ekanayake (Extreme right) / Stand: Kaushalya Weearathne (3rd from left), Suraj Mapa (Extreme right) - © Chaminda Aluthge
දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන බහමාස් හි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල නරේන්ද්‍ර ඒකනායක පළමුවරට බහමාස් පිල නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ 2004 වසරේ දී ය. ඉන්පසු එම කණ්ඩායමේ නායකයා ලෙසට ද කටයුතු කල ඔහු සාමාජික රටවල් හි ප්‍රධාන පෙලේ තරඟාවලි රැසක අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් ය. ඔහු නියෝජනය කල බහමාස් ක්‍රිකට් කණ්ඩායම ICC හි සාමාජිකත්වය හිමිවන්නේ 1986 වසරේ දී ය. 2001 වසරේ දී ඔවුන් ප්‍රථම වරට අනතර්ජාතික මට්ටමේ තරඟයක නිරත වුයේ ICC හි ඇමෙරිකානු සාමාජික ශුරතා තරඟාවලියේ පළමු අදියරේ දී ය. 2006 වසරේ දී කැරිබියන් දුපත් හි පැවති ස්ටෑන්ෆ්ර්ඩ් 20යි 20 තරඟාවලියට ක්‍රීඩා කිරීමට ඔවුන්ට අවකාශ සලසා දීමට තරඟාවලි සංවිධායකයින් පියවර ගන්නා ලදී. ඒ අනුව එයට සහභාගී වූ බහමාස් පිලේ සාමාජිකයෙකු ලෙස මෙන්ම නායකයා වුයේ ද නරේන්ද්‍ර ඒකනායක යි. 2008 වසරේ ස්ටෑන්ෆර්ඩ් 20යි 20 තරන්ගාවලිය්ද බහමාස් පිලට නැවතත් අවස්ථාව උදාවුවත් තරඟාවලි දෙකෙහිම පළමු වටයේ නොකවුට් තරඟය පරාජය වීම නිසා නරේන්ද්‍රට සහ බහමාස් පිලට හැකිවුණේ තරඟ දෙකකින් පමණක් සෑහීමකට පත්වන්න යි.

© Narendra Ekanayake
2013 වසරේ දී නරේන්ද්‍ර ක්‍රිකට් දිවියට සමුදෙන අතර ඉන්පසු 2015-2016 අතර කාලය තුල ඇමෙරිකානු ක්‍රිකට් හා අනුබද්ධිත විනිසුරුවරයෙක් ලෙස තේරී පත්විය.


17.05.2017
aq photo 635339848091716130317_zps7olcilbi.png